Mata Men Ohutada

මට මෙන් ඔහුටද

Lyrics of Mata Men Ohutada

මට මෙන් ඔහුටද කඳුල ඔබයි
කඳුල ඔබයි හසරැල්ල ඔබයි
මට මෙන් ඔහුටද කඳුල ඔබයි
කඳුල ඔබයි හසරැල්ල ඔබයි

තිදෙනෙකු අතරින් දෙදෙනෙකු එක්වෙයි
ආදර ගඟුලක් පෙරට ඇදෙයි
කාටද ඔබේ අත හිමිවෙන්නේ
මා වාගෙම ඔහු විමසන්නේ

මට මෙන් ඔහුටද කඳුල ඔබයි
කඳුල ඔබයි හසරැල්ල ඔබයි

කිසිවෙකු රිදවා හිනැහෙනු බැහැ මට​
එහෙයින් ඔබගෙන් බැහැර යමී
ඔබටද ඔහුටද සුභ පතමි
ඔබටද ඔහුටද සුභ පතමි

මට මෙන් ඔහුටද කඳුල ඔබයි
කඳුල ඔබයි හසරැල්ල ඔබයි
මට මෙන් ඔහුටද කඳුල ඔබයි
කඳුල ඔබයි හසරැල්ල ඔබයි

Mata Men Ohutada kadula obai – Milton Mallawarachchi

More from aveterone