Muthu Muthu Wasse
&

මුතු මුතු වැස්සේ | Muthu Muthu Wasse | Song & Lyrics

Lyrics of Muthu Muthu Wasse

මුතු මුතු වැස්සේ
පට කුඩයේ තනිවෙලා
සුදු මුතු මැණිකේ
කොහි යන්නේ සැරසිලා
තෙමි තෙමි වැස්සේ
ඇයි ඉන්නේ හිනැහිලා
යමු අපි හනිකේ
එක කුඩයේ සැඟවිලා

පාළුවේ වැහි බීරමේ
තනිවී බලා හිඳින්නේ
කාටදෝ
පවසන්නකෝ
ඔබගේ සෙනෙහෙ පුදන්නේ
මා ලැබූ සිත් වේදනා
ඇයගේ ලොවේ පෙරදිනේ
නෑ මැකී මතකෙන් මගේ
එය මා සිතේ දරන්නේ

මුතු මුතු වැස්සේ
පට කුඩයේ තනිවෙලා
සුදු මුතු මැණිකේ
කොහි යන්නේ සැරසිලා
තෙමි තෙමි වැස්සේ
ඇයි ඉන්නේ හිනැහිලා
යමු අපි හනිකේ
එක කුඩයේ සැඟවිලා

ජීවිතේ හැම කාලයේ
ඔබගේ ලොවේ රැඳෙන්නේ
රෑ දිවා දුක හා සැපේ
හිඳිමි පලා නොයන්නේ
මේ ලෙසේ තනි ජීවිතේ
සැමදා ගෙවා පතන්නේ
ආදරේ පිළිගන්න බෑ
යලි මා මුලා නොවන්නේ

මුතු මුතු වැස්සේ
පට කුඩයේ තනිවෙලා
සුදු මුතු මැණිකේ
කොහි යන්නේ සැරසිලා
තෙමි තෙමි වැස්සේ
ඇයි ඉන්නේ හිනැහිලා
යමු අපි හනිකේ
එක කුඩයේ සැඟවිලා

Muthu Mutu Wesse – Somasiri Medagedara & Chandralekha Perera

More from aveterone