Lyrics
රාත්‍රියේ නිද්‍රා නොයේ
නුඹ හා මැවූ හීනය කෝ කොහේ
තුන්යමේ පාළුම යාමයේ
ළංවී කියූ ගී නොඇසී ඇසේ
මීවිතේ මැද මා නිවුනේ
හීපොද මැද නෙතු බොඳවීලා
නැවතුණු තැන නැවතීලා
අවසන් මේ පෙම් හෝරා
ගෙවුනාදෙන් මේ සිහිනේ
අපෙ තරු නෑ ගැළපීලා
සංසාර කතා මදිවීලා
දෙමගක හෝ හැරවීලා
නිමවූදෙන් මේ සිහිනේ
පැළඳූව තෝඩු මා
හිමිකාර වී එදා
නොසිතූව සේ කතාවෙ දෑගිලී මිඳී ගියා
සුදු සේල රූ දරා
සිටියාට කෝ සිනා
අපෙ ආදරේ අපේ නොවූව රෑ උදා වෙලා
ගෙවු නිශාමයේ
මතකේ අලුත් වෙලා
මේ දුමාරයේ කදුලැල් කතාකරා
හීපොද මැද නෙතු බොඳවීලා
නැවතුණු තැන නැවතීලා
අවසන් මේ පෙම් හෝරා
ගෙවුනාදෙන් මේ සිහිනේ
අපෙ තරු නෑ ගැළපීලා
සංසාර කතා මදිවීලා
දෙමගක හෝ හැරවීලා
නිමවූදෙන් මේ සිහිනේ
Nimawuden nimavuden nimauden rathriye nidra noye- Tehan Perera


Comment