Oba wage kenek

ඔබ වගේ කෙනෙක්

Lyrics of Oba wage kenek

ඔබ වගේ කෙනෙක් තව ඇත්නම්
ඒ ඔබම තමයි තුන් ලෝකේ
සඳ වගේ සඳක් තව ඇත්නම්
ඒ මගේ සඳයි සිත් අහසේ
සරස සරස ඔබ ඉන්නට ආසයි
සිරස සිරස සිප ගන්නට ආසයි
සරස සරස ඔබ ඉන්නට ආසයි
සිරස සිරස සිප ගන්නට ආසයි

ඔබෙ හිනාවකට සුදු මුතු මල් දම්
මේ ළයේ පහන් දැල්වෙන අන්දම්
ඔබ මගේ කියා මට හිතෙනව නම්
ඒතරම් සැපක් මට නෑ ආයේ

සනස සනස සිත මං ඉන්නම්
සිහින සිහින මැද සරනව නම්

ඔබ වගේ කෙනෙක් තව ඇත්නම්
ඒ ඔබම තමයි තුන් ලෝකේ
සඳ වගේ සඳක් තව ඇත්නම්
ඒ මගේ සඳයි සිත් අහසේ
සරස සරස ඔබ ඉන්නට ආසයි
සිරස සිරස සිප ගන්නට ආසයි
සරස සරස ඔබ ඉන්නට ආසයි
සිරස සිරස සිප ගන්නට ආසයි

රන් රූපෙන් ගලනා විට සඳකැන්
මේ රැයේ කොහොම ඉන්නද නොදනිම්
මා ඔබෙයි කියා ඔබ හිතනව නම්
මේ තරම් දුරස් වී ඇයි ඉන්නේ

පැටළි පැටළි ඔබෙ ළඟ ඉන්නම්
නැළවි නැළවි ඔබ නළවන්නම්

ඔබ වගේ කෙනෙක් තව ඇත්නම්
ඒ ඔබම තමයි තුන් ලෝකේ
සඳ වගේ සඳක් තව ඇත්නම්
ඒ මගේ සඳයි සිත් අහසේ
සරස සරස ඔබ ඉන්නට ආසයි
සිරස සිරස සිප ගන්නට ආසයි
සරස සරස ඔබ ඉන්නට ආසයි
සිරස සිරස සිප ගන්නට ආසයි
සරස සරස ඔබ ඉන්නට ආසයි
සිරස සිරස සිප ගන්නට ආසයි

Oba wage kenek – Victor Rathnayaka

More from aveterone