Pemwathun Sinase

පෙම්වතුන් සිනාසේ

Lyrics of Pemwathun Sinase

පෙම්වතුන්‌ සිනාසේ
අප කඳුළු සලන්නේ
දෙතැනක හිඳ තනියේ
විසඳුම්‌ සොයමු කෙසේ

මා තුරුලේ හිඳිනා උණුසුම්‌ යහනාවේ
ඉකිබිඳිමින්‌ හැඬුවා මතකද ගංතීරේ
මගේ ලොව ඔබවේ නම් සැකයෙන් ඇයිද මෙසේ
ඔබ මිස වෙන සතුටක්‌ කොයිබද මියුලැසියේ

පෙම්වතුන්‌ සිනාසේ
අප කඳුළු සලන්නේ
දෙතැනක හිඳ තනියේ
විසඳුම්‌ සොයනු කෙසේ

මළ හිරු බැස යද්දී සඳු පායා ඒවී
අලුත්‌ ඉරක්‌ පායා හෙට දිනයක්‌ ඒවී
අද ශෝකෙන්‌ වෙළිලා යහනේ සැතපේදෝ
අරුණලු උදාවෙලා මුව විකසිත වේදෝ

පෙම්වතුන්‌ සිනාසේ
අප කඳුළු සලන්නේ
දෙතැනක හිඳ තනියේ
විසඳුම්‌ සොයනු කෙසේ

Pem wathun vathun pemvathun Sinase- prince udaya priyantha princeudaya

More from aveterone