Pini Bindu

පිනි බිඳු | Pini Bindu | Song & Lyrics

Lyrics of Pini Bindu

පිණිබිඳු එක එක දෝරේ ගලනවා
බත්කූරෝ අද නුඹ හිරවෙනවා
පිණිබිඳු එක එක දෝරේ ගලනවා
බත්කූරෝ අද නුඹ හිරවෙනවා
පොඩි පොඩි මෙරුවෝ එළියට එනවා
මහ වැස්සක අවසානේ

දොරකඩ පඳුරු පැලේ
කවුදෝ ඉකිබිඳිනවදෝ
පළගැටියෝ නුඹ දෝ ඉන්නේ
මගෙ තනියට නුඹ ඉන්නවනේ
දොරකඩ පදුරු පැලේ

එළිපාපිස්සේ වැලිකැට පිරිලා
මැටිපඩියේ අග කඩතොළු වීලා
එළිපාපිස්සේ වැලිකැට පිරිලා
මැටිපඩියේ අග කඩතොළු වීලා
තණබිස්සේ මහ කොළරොඩු වැටිලා
වියු පොල්අතු වහලේ
දැන් වියැළීලා

දොරකඩ පඳුරු පැලේ
කවුදෝ ඉකිබිඳිනවදෝ
පළගැටියෝ නුඹදෝ ඉන්නේ
මගෙ තනියට නුඹ ඉන්නවනේ
දොරකඩ පඳුරු පැලේ

pini bidu eka dore galanawa – Yuki Navarathne yukee nawarathna

More from RogueOne