මම මවා ගනිමි

Lyrics

මම මවා ගනිමි ඔබේ සිනා සපිරි රුව
හදේ කොනක රඟ දෙන්න ඔහේ
ඉඟිපපා සිනාවෙන විටයි අගේ
සරසන්න එලෙස ජීවිතේ මගේ
//

යුග ගනන් බැඳී ආ ලෙසට දැනේ
අප ඇසුර වැඩූ ටික කලට මෙසේ
යුග ගනන් බැඳී ආ ලෙසට දැනේ
අප ඇසුර වැඩූ ටික කලට මෙසේ
බල බිඳිනු නොහැකි සිත් පවුර තනා ගමු
සෙනෙහෙ නමින් අපි දෙසිත ඉමේ

මම මවා ගනිමි …

නැඟිටුවා දිරිය දෙන හැඟුම ඔබයි
මම සිතනෙමි ඔබ ගැන දිවා රැයේ
නැඟිටුවා දිරිය දෙන හැඟුම ඔබයි
මම සිතනෙමි ඔබ ගැන දිවා රැයේ
සිරිකතක් ලෙසින් සිරි ඉතිරි වතින් ඔබ
බැඳෙන පැතුම් සරු කරන් ලියේ

මම මවා ගනිමි …

Mama mawa mava ganimi – Asanga Asanka Priyamantha Peiris peris

More from RogueOne

Enable Notifications OK No thanks