Mata Himi Nathi

මට හිමි නැති කඳුළු අරන්

Lyrics

මට හිමි නැති කඳුළු අරන්
හඬවන්නේ මගෙ ඇස්මයි
මට මේ හැටි දුකක් අරන්
සැනසුනේ ඔබ කොහොම ඉතින්
විදින වේදනා මටමයි ඔබට නම් එපා
ජීවිතේ අරන් එනතුරු හිදිමි මඟ බලා

හිතට හිත ඈත් වෙලා
ආදරේ හුදකලා වෙලා
ජීවිතේම මං කියලා
හීන අවතැන් කලා
දුටු හීන අවතැන් කලා

විදින වේදනා මටමයි ඔබට නම් එපා
ජීවිතේ අරන් එනතුරු හිදිමි මඟ බලා

ඔබ නැති හීනයේ පවා
මං තනිවම ඉකිබින්දා
මට අහිමිව ගියත් ඔයා
මතක තවම තනි රැක්කා
මතක තවම තනි රැක්කා

විදින වේදනා මටමයි ඔබට නම් එපා
ජීවිතේ අරන් එනතුරු හිදිමි මඟ බලා

මට හිමි නැති කඳුළු අරන්
හඬවන්නේ මගෙ ඇස්මයි
මට මේ හැටි දුකක් අරන්
සැනසුනේ ඔබ කොහොම ඉතින්
විදින වේදනා මටමයි ඔබට නම් එපා
ජීවිතේ අරන් එනතුරු හිදිමි මඟ බලා

Mata himi nathi kandulu aran kadulu – Athula Adhikari adikari

More from RogueOne

Enable Notifications OK No thanks