Raththaranin Ran

රත්තරනින් රන් මාල

Lyrics of Raththaranin Ran Mala

රත්තරනින් රන් මාල පලන්දා
අතිනත අරගෙන මා මෙහි කැන්දා
පිවිතුරු සෙනෙහස මා හට දුන්නා
මතකේ සුවදයි මා යලිත් උපන්නා
රත්තරනින් රන් මාල පලන්දා
අතිනත අරගෙන මා මෙහි කැන්දා

රෑන ගිරා යුවලක් එක කූඩුවේ
ආදරයෙන් තුරුලව තම පාඩුවේ
රෑන ගිරා යුවලක් එක කූඩුවේ
ආදරයෙන් තුරුලව තම පාඩුවේ
සිටිනා විලසිනා ඔබ මා සැනසුවා
මා පතනා පැතුම ඔබයි ජීවිතේ

රත්තරනින් රන් මාල පලන්දා
අතිනත අරගෙන මා මෙහි කැන්දා
පිවිතුරු සෙනෙහස මා හට දුන්නා
මතකේ සුවදයි මා යලිත් උපන්නා
රත්තරනින් රන් මාල පලන්දා
අතිනත අරගෙන මා මෙහි කැන්දා

පාර බලා ඉන්නම් තනි පාළුවේ
මා සොයලා එනතුරු ප්‍රිය යානනේ
පාර බලා ඉන්නම් තනි පාළුවේ
මා සොයලා එනතුරු ප්‍රිය යානනේ
උකුලේ හිස හොවා ඔබ හා මුමුණලා
මා ලබනා සතුට නිමක් නෑ සිතේ

රත්තරනින් රන් මාල පලන්දා
අතිනත අරගෙන මා මෙහි කැන්දා
පිවිතුරු සෙනෙහස මා හට දුන්නා
මතකේ සුවදයි මා යලිත් උපන්නා
රත්තරනින් රන් මාල පලන්දා
අතිනත අරගෙන මා මෙහි කැන්දා

Rattaranin Ran Maala -Subhani Harshani subani

More from aveterone