Sanda Eliya

සඳ එළිය ගලා එන

සඳ එළිය ගලා එන රාත්‍රියයි
ඔබ මගෙන් සමුඅරන් යන්න ළඟයි
තව ටිකක් ඔබේ ළඟ ඉන්න හිතයි
ඒ වුනත් සමු අරන් යා යුතුමයි //

ඇඟිලි පටලා සිටිය කාලේ
අපිව දුර නෑ කියා දැනුනේ
තනුව උදුරා සොඳුරු ගීතේ
දවස ඇයි මේ නපුරු වූයේ

සඳ එළිය ගලා එන

කඳුළු පිරුණු දෙනෙත ඔබගේ
බලන්නට බෑ දුකයි දැනුනේ
අහිමි වූවා ප්‍රථම ප්‍රේමේ
කඳුල පමණී උරුම සෙනෙහේ

සඳ එළිය ගලා එන

Sanda sada Eliya Gala Ena – Asanka Priyamantha Peiris peris piris asanga

More from aveterone