Senehasa Dewolaki

සෙනෙහස දෙවොලකි | Senehasa dewolaki | Song & Lyrics

Lyrics of Senehasa dewolaki

සෙනෙහස දෙවොලකි පුදනු හැකි
ඔබ නමටයි ඒ දෙවොල හිමි
ආයාචනයට මසිත ගැයූ
ඔබෙ දෙසවන් ඇයි අගුළු වැටී
සෙනෙහස දෙවොලකි පුදනු හැකි
ඔබ නමටයි ඒ දෙවොල හිමි

සුසුමට කඳුලට ලෙන්ගතු වී
සැනසෙන්නද මා කෙලෙස යළි
සුසුමට කඳුලට ලෙන්ගතු වී
සැනසෙන්නද මා කෙලෙස යළි
ආදරයට හිමි කඳුලු බිඳු
සාගරයට මුසු වේද මතු

සෙනෙහස දෙවොලකි පුදනු හැකි
ඔබ නමටයි ඒ දෙවොල හිමි

සසරින් සසරට එකට බැඳී
මෙතුවක් ආ මග අද නැවතී
සසරින් සසරට එකට බැඳී
මෙතුවක් ආ මග අද නැවතී
ජීවිතයම එක රැයක දුටු
සිහිනෙකි ප්‍රේමය බිඳුනු පසු

සෙනෙහස දෙවොලකි පුදනු හැකි
ඔබ නමටයි ඒ දෙවොල හිමි
ආයාචනයට මසිත ගැයූ
ඔබෙ දෙසවන් ඇයි අගුළු වැටී
සෙනෙහස දෙවොලකි පුදනු හැකි
ඔබ නමටයි ඒ දෙවොල හිමි

Senehasa devolaki – Somasiri Medagedara

More from aveterone