Lyrics
ඒ සොඳුරු සමනල් වියේ
පිය නැගූ ඒ මාවතේ
සුවඳයි ඔබේ ආදරේ
සුවඳයි ඔබේ ආදරේ
හිනැහෙන්න සෙව්වන්දියේ
හිනැහෙන්න සෙව්වන්දියේ
කියන්න ඔබ ඇයි මා හැර යන්නේ
මට දරන්න බෑ නුඹ ඇයි මා හඬවන්නේ
කියන්න ඔබ ඇයි මා හැර යන්නේ
මට දරන්න බෑ නුඹ ඇයි මා හඬවන්නේ
ඔය නිල් නෙතු ඇයි අද මා දෙස නොබලන්නේ
ඔය නිල් නෙතු ඇයි අද මා දෙස නොබලන්නේ
සුදු රෝස දවටා අද මනාලියක් වී
ඔබ හරි ලස්සනයි
මගෙ නෙතු ළග කිසිදා නොරැදුණු
කඳුලක් අද ඔබ දැක මගේ හිත පාරයි
හිනැහෙන්න සෙව්වන්දියේ
හිනැහෙන්න සෙව්වන්දියේ
කියන්න ඔබ ඇයි මා හැර යන්නේ
මට දරන්න බෑ නුඹ ඇයි මා හඬවන්නේ
කියන්න ඔබ ඇයි මා හැර යන්නේ
මට දරන්න බෑ නුඹ ඇයි මා හඬවන්නේ
ඔය නිල් නෙතු ඇයි අද මා දෙස නොබලන්නේ
ඔය නිල් නෙතු ඇයි අද මා දෙස නොබලන්නේ
මළ හිරු බැස යන යාමේ
සමුදෙන්නද ඔබ මේ සැරසෙන්නේ
ඔබේ සෙනෙහෙ කිසිදා මා අත් හරිනා බව
සිත නෑ පිළිගන්නේ
හිනැහෙන්න සෙව්වන්දියේ
හිනැහෙන්න සෙව්වන්දියේ
ඒ සොඳුරු සමනල් වියේ
පිය නැගූ ඒ මාවතේ
සුවඳයි ඔබේ ආදරේ
සුවඳයි ඔබේ ආදරේ
හිනැහෙන්න සෙව්වන්දියේ
හිනැහෙන්න සෙව්වන්දියේ
හිනැහෙන්න සෙව්වන්දියේ
Sewwandiye sevvandiye e soduru samanal wiye viye – Shihan Mihiranga shehan


 
			 
		 
		 
		 
		 
		 
		 
		 
		 
		 
		 
		 
		
Comment