Sudu pata mal wetunu

සුදු පාට මල් වැටුණු | Sudu Pata Mal Watunu | Song & Lyrics

Lyrics of Sudu Pata Mal Watunu

සුදු පාට මල් වැටුණු රතුපාට රැලි ගවුම
අපෙ බාලේ සිහිවෙයි නගේ
ගැටපිච්ච මල් මාල ගෙල පළඳවාලන්න
මට තාම ආසයි නගේ
හිත ගාව හිර වෙච්ච ආදරේ කියා ගන්න
තව කෝඩුකාරයි වගේ

වැහි දා ට කඩදාසි ඔරු හැදුවා මං 
වැහි ලිහිණියෝ වැහි අරන්
දුර ඈත ගෙනහිල්ල දැන් මම ඉතින්
කඩදාසි ඔරු තනි වුණා 
වැහි නැතිව මග තනි වුණා

සුදු පාට මල් වැටුණු රතුපාට රැලි ගවුම
අපෙ බාලේ සිහිවෙයි නගේ
ගැටපිච්ච මල් මාල ගෙල පළඳවාලන්න
මට තාම ආසයි නගේ
හිත ගාව හිර වෙච්ච ආදරේ කියා ගන්න
තව කෝඩුකාරයි වගේ

එන දා ට ගම පැත්තේ මට ලීවෝතින්
මුතු අකුරෙන් පිටුවක්‌ පුරා
බඩ වැටිය ලිඳ ගාව මම ඉන්නවා
දැක ගන්න මගේ නෙත් පුරා
හද ආදරෙන් උතුරලා

සුදු පාට මල් වැටුණු රතුපාට රැලි ගවුම
අපෙ බාලේ සිහිවෙයි නගේ
ගැටපිච්ච මල් මාල ගෙල පළඳවාලන්න
මට තාම ආසයි නගේ
හිත ගාව හිර වෙච්ච ආදරේ කියා ගන්න
තව කෝඩුකාරයි වගේ

SuduPata Mal vatunu – Gayantha Vijerathna wijerathne vijerathne විජේරත්න

More from RogueOne