සුරැකීමට හෝ නැති වී යනු පිණිස

Lyrics

සුරැකීමට හෝ නැති වී යනු පිණිස මා කෙරේ
එක කීමට ලොව අත්තේ ඒ ඔබගෙ ආදරේ //

මගෙ ජීවය ගල් ලෙනකි එහි පහන ඔබ තමා
එය දල්වනු මැන හිනැහී හද පෙම් ගිතෙල් දමා //
වැළපීමට හෝ සැනසීමට මතු සැරෙන් සැරේ
එක කීමට ලොව අත්තේ ඒ ඔබගෙ ආදරේ

සුරැකීමට හෝ නැති වී යනු පිණිස…..

අඩකී පිරිලා ඇත්තේ රස මිහිර මීවිතේ
පුරවා දිය හැකි ඔබටයි අඩු කොටස ජීවිතේ //
පිටු පෑමට ලං වීමට බවයේ වරින් වරේ
එක කීමට ලොව අත්තේ ඒ ඔබගෙ ආදරේ

සුරැකීමට හෝ නැති වී යනු පිණිස…..

අද හෝ හෙට කරුණාකොට වියලුනු දෙතොල් තෙමා
දිව ගෑමට සැනසීමට ඔබ දිය යුතුයි අමා
ඔබගේ නෙත කඳුලැලි මත පාවෙන තරම් ප්‍රියේ
දරුණූ නැත මගෙ හදවත හොඳ සිහිය මට තියේ
සැලවීමට නොහැකී වැද බාධක සුළං සැරේ
එක කීමට ලොව අත්තේ ඒ ඔබගෙ ආදරේ

සුරැකීමට හෝ නැති වී යනු පිණිස…..//

Surakeemata surakimata surekimata surekeemata ho nathi wee yanu pinisa-J.A. Milton Perera

More from elon

Enable Notifications OK No thanks