වැඩ කරලා ඉවර නොමැත

Lyrics

අසරණ මව මගේ ඇස් අන්ධව ඉන්න
කොරවුණු පියා බෑ හරි හැටි ඇවිදින්න
මේ දෙන්නා සමඟ නංගී රැකගන්න
රක්ෂාවට ආමී ගෙදරක නවතින්න

වැඩ කරලා ඉවර නොමැත දෙවියනේ
මොකටද මා දුප්පත් වී ඉපදුණේ
වැරදුනාම කෝටු පාර වදිනවා
බඩු කැඩුනොත් පඩියෙන් අඩු කරනවා
වැඩ කරලා ඉවර නොමැත දෙවියනේ

දන්නේ කවුද තමන්ගේ දුක මිස තමන්
කන්නේ බොන්නේ වැඩකට යන එන ගමන් //
වෙහෙස වෙලා රෑ දොළොහට ඇලවුණා //
උදේ පහට ආයෙත් මා පිබිදුනා

වැඩ කරලා ඉවර නොමැත…..

සැපට හදයි බලු පැටියෙක් හරි සැරයි
නෝනා ඌට මට වැඩියෙන් ආදරෙයි //
ඇස් රතු වී දුක් කඳුලැලි බේරුණා //
රක්ෂාවේ හැටි දැන් මට තේරුණා

වැඩ කරලා ඉවර නොමැත…..

Wada weda karala iwara ivara nomatha-J.A. Milton Perera

More from elon

Comment

Your email address will not be published. Required fields are marked *

Enable Notifications OK No thanks