Lyrics
වලාකුලට පාවෙන්නට කියා දෙන්නේ නෑ
කිරිල්ලියට ගී ගයන්න උගන්නන්නේ නෑ //
කඳුහෙල් තැනිතලා උඩින් වලාකුලේ පාවී යන්න
හඬ ඇසෙනා තුරු ටික ටික කිරිල්ලියේ ගීත ගයන්න
මලක් පිපෙන හැටි බලන්න
කතා නොකර හෙමින් හෙමින් පෙති විහිදනවා
ගඟක් ගලන හැටි බලන්න
පවුරු පෙලා මුවදොර හමුවන තුරු යනවා
පෙරුම් පිරෙවේ නැතත් ඔන්න
කිසිදා නොසිතූ නොපැතූ දේ සිදුවෙනවා
හඳක් එලියදී නැගෙන්නේ අඳුරේ පොළොවක ලස්සන නොපෙනෙන හින්දා
ගෙයක් සොම්නසින් පිරෙන්නේ සිතුසේ සෙනෙහස පුදදෙන හිත් ඇති හින්දා
මෙවන් මිහිරි දේ විදින්න හැමටම එකවාගේ සිත් නැතිදෝ මන්දා
වලාකුලට පාවෙන්නට…..
Valakulata walakulata pawennata-Uresha Ravihari
ගී පද පේළි දියුණු කරන්න උදව් වෙන්න
ඔබට දැනෙන දේ WhatsApp පණිවිඩයක් දාන්න. ඒ සදහා පහල click කරන්න
අපගේ online රේඩියෝ එක අහන්න – Click Here
Join Our WhatsApp Group
Stay connected with your favorite artists and favorite music .
Advertisement
GeeMansala 2023
Comment