දිනෙක ඔබ සඳ

Lyrics

දිනෙක ඔබ සඳ වාගේ හැඩයි
නැවත ඔබ ඉර වාගේ සැඩයි
මේ වෙනස්කම නැති උනත් නිම
දි‍නෙන් දින ආදරේ වඩයි //

හිනස්සන විට සිනාසෙමී
අඬන්නට බෑ බලා ඉමී //
ගඟක් වැනි ඔබ සමැත් පැවතුම්
ඔබේ ළඟ ඉද පතා ඉමී

දිනෙක ඔබ සඳ වාගේ හැඩයි…..

උදේ මල් විල මනෝහරයි
සැඳෑ කල එය විඩාබරයි //
ලොවෙහි දියදම වෙනස්වීමය
ඔබත් එය පැහැදිලි කරයි

දිනෙක ඔබ සඳ වාගේ හැඩයි…..

විලේ දිය ගඟුලෙදී බොරයි
ගඟේ දිය සයුරෙදී සැරයි //
ඔබේ සෙවණෙද මෙසේ ඉඳහිට
විවිධ හැඟුමන් උදාකරයි

දිනෙක ඔබ සඳ වාගේ හැඩයි…..//

Dineka oba sanda sada -Anjalin Gunathilake

More from elon

Comment

Your email address will not be published. Required fields are marked *

Enable Notifications OK No thanks