හිත මහ පුදුම තැනක්

Lyrics

හිත මහ පුදුම තැනක් දිදුලන මහරු මිණක්
හසරැල් වතල වතක් විටෙකදි නොනිම් දුකක්
හිත මහ පුදුම තැනක්, හිත මහ පුදුම තැනක්

නවතින්නැයි කී විට හිත නිනව් නැතිව දුවනවා
ඉක්මන රිසි වූවිට හිත නැවතුණ තැන ඉන්නවා
ලද දේ ඉවත හෙළන නොලැබෙන දේම යදින
හිත හිත් පිත් නැති ලෙස මට දඬුවම් කරනවා
හිත හිත් පිත් නැති ලෙස මට දඬුවම් කරනවා

හිත මහ පුදුම තැනක්…

අනුන් ළඟම දැවටී හිත ඉතින් මවෙත රැඳෙනවා
අසරණවූ දා වෙන්වී මදෙස බලා ඉන්නවා
හිතකට හිමිදේ හැර අන් හැමදේම හිතන
හිත හිත් පිත් නැති ලෙස මට දඬුවම් කරනවා
හිත හිත් පිත් නැති ලෙස මට දඬුවම් කරනවා

හිත මහ පුදුම තැනක්…

Hitha maha puduma thanak – Sunil Edirisingha Edirisinghe

More from elon

Featured on

Enable Notifications OK No thanks