&

මේ වේදිකාව

Lyrics

අපිට සිංදුවක් ලියන්න අපිට සිංදුවක් ගයන්න
අපිට සිංදුවක් අහන්න ආසයි ඔබට සිංදුවක් ගයන්න
ඔබට සිංදුවක් වයන්න ඔබේ සතුට වී බලන්න ආසයි
මේ වේදිකාව ජීවිතේ අපේ සාගරේ වගේ විශාල වේ //

අපිට සාමයෙන් සිටින්න අපිට ප්‍රේමයෙන් බැඳෙන්න
අපට ක්‍රෝධයෙන් මිදෙන්න ආසයි ඔබට මේ පැතුම් කියන්න
ඔබට වාසනා ගෙනෙන්න ඔබට ඒ පැතුම් පතන්න ආසයි
මේ වේදිකාව ජීවිතේ අපේ සාගරේ වගේ විශාල වේ ////

රටට සාමයක් ගෙනෙන්න දැයට ආදරෙන් බැඳෙන්න
බසට ජීවයක් ගෙනෙන්න ආසයි හදේ සතුටු මල් පිපෙන්න
නෙතේ රස අඳුන් මැවෙන්න ලොවට ආදරේ කරන්න ආසයි
මේ වේදිකාව ජීවිතේ අපේ සාගරේ වගේ විශාල වේ ////

me wedikawa vedikawa -Athula Adikari

More from elon

Enable Notifications OK No thanks