සිප ගන්නට රතු රෝස කුසුම

Lyrics

සිපගන්නට රතු රෝස කුසුම රත්තරං කියා
මම ආදරෙයි සදාකල් සුදු පණ වගෙයි ඔයා //

ලා රෝස පාට තොල් පෙති මත සැමරුමක් තියා
දුන් පළමු හාදුවෙන් කුමරුනි සිත දුරක් ගියා
සුදු කෙල්ල මම ඔබෙයි යන්නෑ ආයේ වෙන් වෙලා
ඉන්නවා ආදරෙන් මගෙ පණ වෙන්වෙනා තුරා

සිපගන්නට රතු රෝස කුසුම…..//

සඳපාන ඇති රැයේ සෙනෙහස මුවට මුව තියා
මට කියා දුන්නෙ ඔබමයි මුළු හදින් දිවුරලා //
නැතුවාට කමක් නැහැ මට හැම සම්පතක් පවා
ඔබ ළඟට වෙලා ඉන්නම් ආදරෙයි මං සදා

සිපගන්නට රතු රෝස කුසුම…..

දඟකාර වී ඔබත් එක්කලා මා තරහා වෙලා
ඉන්නෑනේ එක පැයක්වත් එනවානේ හඩ හඩා
හැඩුවාට කඳුළු හොරැහින් ඔබ දිහා බල බලා
තව තවත් තුරුළු වෙයි සෙනෙහස යාවි ලියලලා

සිපගන්නට රතු රෝස කුසුම…..

sipagannata rathu rosa kusuma- Uresha Ravihari

More from elon

Featured on

Enable Notifications OK No thanks