අත්වැල ගිලිහී

Lyrics

අත්වැල ගිලිහී ලොව තනි වූ දා
දකිනා පෙරමඟ ලකුණු නැතී
ආශා දැහැනේ වැනසී යාදෝ
යුගදිවි ගමනේ සොඳුරු ගතී //

උසුළනු හැකි වෙද තණ්හා ආශා
සඟවනු හැකි වෙද සිතුවිලි මාලා
ඉවසනු හැකි වෙද සෝ දුක් සංකා
ආශා දැහැනේ වැනසී යා දෝ
යුගදිවි ගමනේ සොඳුරු ගතී

දෑඟිලි එක් කළ වරපට දෙදරා
සෙනෙහස වැපුරූ සරු කෙත වනසා
පුහුදුන් හදවත සෝගිනි දල්වා
ආශා දැහැනේ වැනසී යා දෝ
යුගදිවි ගමනේ සොඳුරු ගතී

athwala athwela gilihee – Amarasiri Peiris

More from elon

Comment

Your email address will not be published. Required fields are marked *