Lyrics
මුහුදේ පතුලේ කිමිදී
මුතු කැට ගෙන එමි සොඳුරී
අහසේ තරු හා බඳිමී
හොඳ මාලයකට ගොතමී //
මා හද ගලවාලා ඉල්ලන්නෙහි ඔබ ඔව් එය පලා දෙමී
සුදු වලාකුළක් ඇද ඔබේ සිඟිති ඉඟ වටා ජයට ඔතමී //
සිහිනෙන්වත් මා හැරදා
නොයන්න රන් කඳ මගේ සුදා//
ගංගා හා යමුනා සේ ළං ළං වේවා //
මුහුදේ පතුලේ කිමිදී…..
රූ රැජිනි වුවද මට ඔබ හැර කුමටද ඔබයි මගේ රාණී
මා ඔබේය ඔබ යළි මගේය එනිසා සදා සැපත විඳිමී
සිහිනෙන්වත් මා හැරදා නොයන්න රන් කඳ මගේ සුදා //
ගංගා හා යමුනා සේ ළං ළං වේවා //
ආලේ නිසා ජීවේ පුදා සාමේ සදා සුව විඳිමු විඳිමු සැමදා //
Muhude pathule kimidi- Mohideen Baig
More from elon
ගී පද පේළි දියුණු කරන්න උදව් වෙන්න
ඔබට දැනෙන දේ WhatsApp පණිවිඩයක් දාන්න. ඒ සදහා පහල click කරන්න
අපගේ online රේඩියෝ එක අහන්න – Click Here
Join Our WhatsApp Group
Stay connected with your favorite artists and favorite music .
Advertisement
GeeMansala 2023
Comment