මං කිරිල්ලියක්

Lyrics

(මට කිරිල්ලියක් වෙන්න ඇත්නම් නිදහසේ ඉගිල්ලෙන්න
හිතේන හිතෙන තැන් වල නවතින්න ඒත්)

මං මේ මං
මං කිරිල්ලියක් //

මං කිරිල්ලියක් තමයි මේ මගේ පිහාටූ
මට ඉගිල්ලෙන්න නොදෙන එකයි හරි කණගාටූ
හිත සනසවන්න හිස අතගා දෙඩුවත් චාටූ
තටු කපන්නෙ ඇයි හද මවමින් අඳුරු කුණාටූ //

මං කිරිල්ලියක් තමයි…..

නිල් අහස අයිති අපටයි (අහස අයිති අපටයි)
ඔව් අත්තටු ඇති අයටයි (තටු ඇති අයටයි)
මේ ගමන අළුත් ලොවටයි
වැට කඩුළු ලෑම නිවටයි //

මං කිරිල්ලියක් තමයි…..

ගඟ ගලන්නෙ සමුදුරටයි
ඔව් බාධක නම් එමටයි
තටු ලැබෙන්නෙ පෙර පිනටයි
තටු කපන්නේ බැරි කමටයි //

මං කිරිල්ලියක් තමයි…..

Man kirilliyak thamai- Nirosha Virajini wirajini

More from elon

Comment

Your email address will not be published. Required fields are marked *

Enable Notifications OK No thanks