Lyrics
ලප නැති සඳක් ඇති නිලඹරක්
කිකලෙක නමුත්
දුටුවෙද ඔබත්
දුටුවෙද ඔබත්
සඳ රැසින් පිපි මලක් වනු මිස
නොපතන්න ඒ.... ඒ සා
පුරහඳක්
පුරහඳක්
ඇද නැති ගඟක් නිල් දියවරක්
ගැලුවාද දී නෙත රසඳුනක්
ගිලී දිය සනහා නිවෙනු මිස
නොසොයන්න ඒ.... ඒ සා
ගඟ දියක්
ගඟ දියක්
මඩ නැති විලක් මත සියපතක්
පිපුණාද කවදා කොතැනකවත්
රැඳි සුවඳ මුව ලද විඳිනු මිස
නොසොයන්න ඒ.... ඒ සා
සියපතක්
සියපතක්
ලප නැති සඳක්...
Lapa nathi sandak sadak - Sunil Edirisinghe Edirisingha
Comment