Eka Mohothak
&

එක මොහොතක් ඔබ සෙවණේ

Lyrics

එක මොහොතක් ඔබ සෙවණේ හිඳින්න‍ට තරම්
කල්පයකින් අසුරු සැණක් පමණ නැත වරම් //

කඳු ගිරිහෙල් රළු බොරලන පිය මග මනිමි
අහසයි පොළොවයි එක්වෙන දවසක් දනිමි //
මල් පොකුරක එක නටුවකි ඒ බව සැබවි //
එක හිත ගැන හිත් දෙකකින් නොසිතනු මැනවි

එක මොහොතක්… //

පිළිවෙලක‍ට නැති ලෙස තරු අහසෙහි අතුරා
සඳ පමණක් සළුපිලි ඇඳ එහි වත සපුරා //
මග සළකුණු දක්වා හිනැහෙන එලි පතුරා //
බැසයනු මිස නොරැඳෙනු මැන ගඟ දිය උතුරා

එක මොහොතක්… //

Eka Mohothak oba sewane hidinnata tharam- Amitha Wadisinghe wedisinghe & Mervin Perera

More from elon

Comment

Your email address will not be published. Required fields are marked *

Enable Notifications OK No thanks