Lyrics
කන්ද උඩින් එන කිකිළිය ගෝමරියේ
නළල් වටින් එන දාඩිය මුතු කැටියේ
කන්ද උඩින් එන ගෝමරියේ
ඇයි මට පිටුපා ගෙට යන්නේ//
නළලේ දාඩිය මුතුපට පටලා
වළාකුලේ සුදු සේලය රැළි ලා//
අත පාමුදු පය පාමුදු ලාගෙන
ළමැදේ ගෝමර මල් ගවසාගෙන
කන්ද උඩින් එන ගෝමරියේ
කන්ද උඩින් සඳවත පායන්නේ
සිනා කිරෙන් සඳ එළිය ගලන්නේ
ලැව්ගිනි ගත් හද එයිනි නිවෙන්නේ
රන් තැටියෙන් කිරි දියර දියන්නේ
කන්ද උඩින් එන ගෝමරියේ
කඳු පාමුල මිටියාවත වැතිරී
ඔබ එනතුරු මම හිඳිනෙමි තනිවී
ඈත ඉඳන් කඳු මුදුනට නැගලා
මා කැඳවන් ඔබ වෙත අත වනලා
කන්ද උඩින් එන ගෝමරියේ…..
kanda udin ena gomariye -W.D. Amaradeva amaradewa
More from elon
ගී පද පේළි දියුණු කරන්න උදව් වෙන්න
ඔබට දැනෙන දේ WhatsApp පණිවිඩයක් දාන්න. ඒ සදහා පහල click කරන්න
අපගේ online රේඩියෝ එක අහන්න – Click Here
Join Our WhatsApp Group
Stay connected with your favorite artists and favorite music .
Advertisement
GeeMansala 2023
Comment