Lyrics
සැදෑ අඳුර ලොව ගලන වෙලාවට
කවුළු පියන්පත් වැසෙන වෙලාවට //
දහසක් දොම්නස් සිහින පවුරු මැද
තනිවුණ ඔබෙ සුසුමන් සෙමෙන් විත්
මගෙ සවනත පාරයි //
තෙරක් නොමැති සිතුවිලි සයුරක් මැද
සරන විටදි රැය ගෙවෙන තුරාවට //
මහද සෙනෙහෙ ඔරුවේ නැගී ඔබ
එතෙර වන්න නිඹදේ නිදි ලොව වෙත
එතෙර වන්න නිඹදේ
සැදෑ අඳුර ලොව ගලන වෙලාවට
කවුළු පියන්පත් වැසෙන වෙලාවට
නිමල පැතුම් සපුරාගෙන හද තුළ
සිහින ලොවෙන් නෙත හැරෙන වෙලාවට //
අරුණළු නැගෙන පැයේ කුසුමක් වෙමි
ජීවන මල් ගොමුවේ ඔබෙ ආදර
ජීවන මල් ගොමුවේ
සැදෑ අඳුර ලොව…..
Sada sanda andura lowa lova – Somathilaka Jayamaha
Comment