Ruduru Thuru Wadule

රුදුරු තුරු වදුලේ

Lyrics

රුදුරු තුරු වදුලේ
තියුණු කටු අතරේ
දිලෙන සියුමැලියේ
ඔබයි ජීවන සුවඳ දෙන්නේ
රෝස කුසුම මගේ //

මා හදේ රන් සුමුගේ ඔබ තබලා
නිරන්තරේ රැක ගනිමි පුබුදුවලා
සුවඳ විඳිමින් ඉඳිමි සැමදා
දෑස වැසෙන තුරා
දෑස වැසෙන තුරා

රුදුරු තුරු වදුලේ ...

මිහිරී රූසිරී
මිහිරී ජනනියේ
සිත සැනසේ ඔබ දසුනේ
මුදුමතී, මුදුමතී
සිත සැනසේ ඔබ දසුනේ

රුදුරු තුරු වදුලේ ...

Ruduru Thuru Wadule vadule - Sunil Edirisinghe Edirisingha සුනිල් එදිරිසිංහ

More from elon

Comment

Your email address will not be published. Required fields are marked *