me kadulu thotupalai
&

මේ කඳුළු තොටුපලයි

Lyrics

මේ කඳුළු තොටුපලයි සමුගෙන යන්න මට බැරි
මේ කඳුළු තොටුපලින් සමුගෙන යන්න ඇයි බැරි //

මගෙ ලඟට වෙලා ඔබ පෙම්බස් මුමුණයි සොඳුරු
ඔය ඇගිලි තුඩින් හිස පිරිමැද නිවාවි කඳුළු
මගෙ දෙනෙත් වසමි සිතිවිල්ලක ඔබ එන අයුරු
ඔබ තමයි මසිත සුවපත්කල ගීතය මියුරු

මේ කඳුළු තොටුපලයි …

අපි ඉගිල යමුද සොඳුර ඉතින් බිදිමින් පවුරු
පෙම්පුවත ලියමු දිනක අපිත් බදිමින් මැදුරු
දොර කවුළු වැසූ රන් කූඩුවේ ඉන්නම් සිරවූ
මව් සෙනෙහෙ පිරුනු කැදැල්ලකින් යන්නේ කවුරු

මේ කඳුළු තොටුපලයි …

Me Kandulu kadulu Thotupalai thothupalayi – Chandana Liyanarachchi චන්දන ලියනාරච්චි Subani Harshani subhani

More from elon

Comment

Your email address will not be published. Required fields are marked *

Enable Notifications OK No thanks