Galana dole

ගලන දොලේ පෙණ බුබුලයි ආදරේ

Lyrics

ගලන දොලේ පෙණ බුබුලයි ආදරේ
මිලින මලේ පැණි කඳුලයි ආදරේ

මහ ගල් කුළු ඉහල නගා
සුළං රොදින් සුසුම් හෙලා
ඈත සිහින් වලා පෙළින්
රහස අසයි ආදරේ

නිල් කඳුවැටි පීරා
පායන සඳ රේඛා
එබී බලා නිහඬ රැයක
රහස අසයි ආදරේ

මහ ගස් අතු ඉහල බලා
කුරුළු හඬින් ගීත ගයා
වෙළෙන වැලේ පිපෙන මලින්
රහස අසයි ආදරේ

ගලන දොලේ පෙණ බුබුලයි ආදරේ
මිලින මලේ පැණි කඳුලයි ආදරේ

Galana Dole Pena Bubulai – Amitha Wadisinghe

More from elon

Enable Notifications OK No thanks