නෝනේ මගේ සුදු නෝනේ

Lyrics

නෝනේ මගේ සුදු නෝනේ අලි වැඩේ මෙමට වුණේ //
බස් එක මගදී කැඩුණා ඒකයි මම පමා වුණේ
අන්න ඔබේ පරණ පොත මම එය කියවා ඇත //
තමාගේ බිරිඳට ඔය බොරු කියනා එකයි කැත

ඔයා පිළිගන්නේ නැද්ද මගේ නැහැ කිසි වැරැද්ද //
පුතාට ටොපි ගෙනාවා දැන්මම පොඩි පුතා නිදිද
නැති බොරු සෙනෙහේ පපා අප රවටන්න එපා //
කාටගොන්නක් බීගෙන මින් පසු මෙහි එන්න එපා

ඇත්තම ඔයාට කියන්නම් ඔයා එය පිළිගන්වන්නම්
මිතුරෙක් අඬගැහුවා පොඩි අඩියක් ගැහුවා
ඕකත් ලොකු වරදක්ද
මිතුරෙක් අඬගැහුවා ග්‍රැම් දෙක තුනක් දැම්මා
ඕකත් ලොකු වරදක්ද

මොකටද ඉතින් මගේ කට ලැජ්ජා නැද්ද තමුසෙට
බස් එක නතර වුණේ මිතුරා අඬගැසුවේ
තැබෑරුමක්ම ළඟඳිද //

තරමක් ලේසිය දුන්නා නෝනා මගේ කරටම එන්නා
ඔව් මම අඩි ගැහුවා පරක්කු වී ආවා
නෝනා දැන් කියන්නේ මොකද //

අනේ ඔයාගේ ලේසිය ඔයාලටමයි වාසිය
ළමයි බලන්න ඕනේ රෙදි සෝදන්න ඕනේ
තනියෙම අපට කරදර //

ළමයි බලන්නයි ගෙදරක වැඩ කරගන්නයි
ඔහේලට උරුමයි එය දැනගත්තොත් කදිමයි
අනේ ඔහේලට උරුමයි එය දැනගත්තොත් කදිමයි
ළමයි බලන්නයි ගෙදරක වැඩ කරගන්නයි

ඔයා කියන්නේ අපි දුක් විඳින්න ඕනේ
ඔහේලා විවාහ වෙන්නේ
ඔහොම කියාලද අනේ ඔයා කසාද බැන්දේ
ඔහොම කියාලද අනේ
ඔයා කියන්නේ අපි දුක් විඳින්න ඕනේ

අනේ කිරි පිටි හොයලා පෝලිම් වල දුක් විඳලා
ලොක්කට වැඳලා තමයි එන්නේ බේරිලා
අපේ බොසාට වැඳලා තමයි එන්නේ බේරිලා
කිරි පිටි හොයලා පෝලිම් වල දුක් විඳලා

පෝලිමේ මැද හිටියට පාඩු වෙනවද
ඒ තරුණියන් මැද ඔයාටත් ජොලියක් නැද්ද
අනේ තරුණියන් මැද ඔයාටත් ජොලියක් නැද්ද
පෝලිමේ මැද හිටියට පාඩු වෙනවද

කරුමෙට ඔය කට තමුසෙට ලැබුණට
කැත කට හතරට ඉරණට හිතෙයි මට
මගේ කට හතරට ඉරණට හිතුවට මේ මට
දෙන බැට තමුසෙට වැදෙයි හෙට

දුවේ පුතේ මා කියනා දේ අහගන්න
කඳුළක් නැති තැන සිනහව ඇත්ද බලන්න
දෙන්න කන්න දෙක සමබර ඇති නම් ඔන්න
විවාහ ජීවිතය සරුයි අද දැනගන්න //
දෙන්න කන්න දෙක සමබර ඇති නම් ඔන්න

none mage sudu none-Gypsies

More from elon

Featured on

Enable Notifications OK No thanks