නෙලන්නට ගිහින් පලවැල

Lyrics

නෙලන්නට ගිහින් පලවැල
ගෙනෙන්නං ඉතිං බරටම
අනේ දරුවනේ නාඩන් කියූ අම්මලා
සත් සමුදුරෙන් එහා බැසගෙන
සිත් තොසින් නොවේ මැරි මැරි
කප්පරක් කිළිටි උන් ළඟ
වැටී උල උලා වැටී උල උලා

මත් එවුන් ඇවිත් එතකොට
අත් දෙකින් අරන් හනිකට
එක් කරන් ගොහින් දරුවන්
වනේ තනිකලා///
පොඩි එවුන් වනේ තනිකලා

නෙලන්නට ගිහින් පලවැල…..

හිස් අතින් එහෙන් එනකොට
සත් මහල් උඩින් බැසගෙන
සත් පියුම් මෙහේ තැන තැන
අනේ පරවෙලා///
සත් පියුම් මෙහේ පරවෙලා //

නෙලන්නට ගිහින් පලවැල…..

Nelannata gihin pala wala wela -Rookantha Gunathilake rukantha

More from elon

Enable Notifications OK No thanks