කවුරුවත් නැහැ

Lyrics

කවුරුවත් නැහැ - කවුරුවත් නැහැ
එගොඩට යන්නට - එගොඩට යන්නට
ඉරගල වැටිලා ඉවුර දෙපැත්තේ
අඳුර ගලනවා පාරුව ඇතුළට
ලන්තෑරුම කෝ - ඔහෙ තිබුණාවේ
කවුරුවත් නැහැ - කවුරුවත් නැහැ

දවසින් දවසම පාලම හැදුනා
පාලම් මෝලේ හෙණ හඬ ඇසුනා
කිරල කැලෑවේ කුරැළු කොබෙයියන්
ගම හැරදා යන්න ගිහින්

කවුරුවත් නැහැ - කවුරුවත් නැහැ
එගොඩට යන්නට - එගොඩට යන්නට

දෑතේ අතැඟිලි හබලට ගෙවුනා
ගෙනියන්නට බැරි මහ බර තිබුණා
මෙතුවක් නොම ගිය බර අද දවසේ
මට හිනැහීගෙන යනවා වාගේ

කවුරුවත් නැහැ…..

kavuruwath kauru wath vath naha-Amarasiri Peiris

More from elon

Featured on

Comment

Your email address will not be published. Required fields are marked *