Lyrics
සත් මහලින් බැස එන්නම්
ඔබ මා පිළිගන්නවනම්
ආදරයේ පියගැටපෙල පාර කියාවී
මහ පොළොවට පිළිගන්නම්
සිටුසැප හැර එනවානම්
ජීවිතයේ දුහුවිල්ලෙන් ඇස් බොඳ වේවී
සිරියහනේ පොකුරු පිච්ච මල් තනිවේවී
දුකට කරුණු අහස අසාවී
පන් පැදුරේ අලුත් පැතුම් දළු ලියලාවී
ඒ පැදුරෙන් අප නොවැටේවී
සත් මහලින් බැස එන්නම්…..
සත් මහලට පෑයු හඳ පැලටත් ඒවී
ඔබේ ලොවට එලිය වැටේවී
හඳ නාවත් මගේ පැලේ එළිය ගලාවී
ඔබට පුරා හඳ පරදීවී
සත් මහලින් බැස එන්නම්…..
Sath mahalin basa besa ennam-Nirosha Virajini wirajini
More from elon
Similar
ගී පද පේළි දියුණු කරන්න උදව් වෙන්න
ඔබට දැනෙන දේ WhatsApp පණිවිඩයක් දාන්න. ඒ සදහා පහල click කරන්න
අපගේ online රේඩියෝ එක අහන්න – Click Here
Join Our WhatsApp Group
Stay connected with your favorite artists and favorite music .
Advertisement
GeeMansala 2023
Comment