Lyrics
රැල්ලෙන් රැල්ලට පාවෙන ඔරුවේ
යන්නම් දියඹට රෑ යාමේ //
අඹු දරුවෝ මා දෙවියො රකීවා
එනතුරු මා උදේ මා
ගොම්මන් රෑ මහ සාගර අඳුරේ
හෝ හෝ හඬ කැරකේ
යන්නම් ඈතට මේ කරදියරේ
ඉරණම රෑ ගමනේ
දුර වෙරළේ මේ යාමේ
සැතපේවා මගෙ දරුවෝ
කඩමලු වූ පන් පැදුරේ
තනි වේ මා සාගරයේ
රැල්ලෙන් රැල්ලට…..
ලන්තෑරුම් එළි සුළඟට නිවුණා
කම්පා වේ හද මා
මන්දාරම් වැහි ඈතින් එනවා
මූහුදේ ජල කළඹා
අසරණයෝ මා වාගේ
දෙවියනි කෝ දිළිඳු මගේ
රැකදේවා අසරණ මා
තනිවේ මා සාගරයේ
රැල්ලෙන් රැල්ලට…..
rallen rellen rallata – Vijaya wijaya Kumaratunga
More from elon
ගී පද පේළි දියුණු කරන්න උදව් වෙන්න
ඔබට දැනෙන දේ WhatsApp පණිවිඩයක් දාන්න. ඒ සදහා පහල click කරන්න
අපගේ online රේඩියෝ එක අහන්න – Click Here
Join Our WhatsApp Group
Stay connected with your favorite artists and favorite music .
Advertisement
GeeMansala 2023
Comment