දෙතුන් වතාවක්

Lyrics

දෙතුන් වතාවක් ඔබ ඇමතූවෙමි
සැප දුක් සොයා බලන්න
මගෙ දුරකතනයෙ අංකය මතකද
මොහොතක් කතා කරන්න //

රුව දැක ගැන්මට පින් නැත දැන් මට
මතක් උනත් සන්තෝෂයි
කෙලින්ම සවනට රැගෙන ඔබේ හඬ
අහගන්නට හරි ආසයි //

දෙතුන් වතාවක් ඔබ…..

ඇසිපිය හෙලනා තරමට වැඩියෙන්
ඔබ ගැන මට සිහිවෙනවා
ඉකිබිඳ හඬනා කිරි දරුවෙකු මෙන්
මගෙ හදවත වැලපෙනවා //

දෙතුන් වතාවක් ඔබ…..//

dethun wathawak vathawak -J.A. Milton Perera

More from elon

Comment

Your email address will not be published. Required fields are marked *

Enable Notifications OK No thanks