Malata Suwada Se

මලට සුවඳ සේ

Lyrics

මලට සුවඳ සේ යොවුන් ජීවිතේ
පිළිගමූ අපි නැවුම් ආදරේ //
හද සිනා දේ නෙතු දයාවේ
මහිම කියමු සොඳුරු ලොවට සිත නිවේවී

බඹර තුඩක පහස පිපුණු මල් පතාවී
දෙරණ වැලඳ සයුර පවස ගිම් නිවාවී
බඹර තුඩක පහස පිපුණු මල් පතාවී
දෙරණ වැලඳ සයුර පවස ගිම් නිවාවී
ඔබ සොයා ඒ.. මා සොයා ඒ
සසල ලොවම නිසල සෙනෙහසින් බැඳේවී

මලට සුවඳ සේ …

නෙතට නුහුරු කඳුල නෙතු පියන් වසාවී
ගතට සිසිල පවන හද ගැබින් හමාවී
නෙතට නුහුරු කඳුල නෙතු පියන් වසාවී
ගතට සිසිල පවන හද ගැබින් හමාවී
සඳ ලතාවේ හිරු සිනාවේ
නොහිම් නිහඩ අරුත ආදරේ කියාවී

මලට සුවඳ සේ …

Malata suwada suvada suvanda suwanda se – Sunil Edirisinghe Edirisingha

More from elon

Featured on

Enable Notifications OK No thanks