Lyrics
සිලිං බිලිං සිලිං බිලිං කූරු වළලු පාට හතේ මාල පබළු
වෛවාරන අරුමෝසම් වටේට එල්ලා
රෝද දෙකේ මාලිගාව පොලට ඇවිල්ලා
කතා කරන බෝනික්කෝ පියා සලන සූටික්කෝ
කාසිවලට මාරු වෙලා අතින් අතට යනවා
මල් ගව්මේ අග හිග තැන්
දෙහි කටුවෙන් හංගාගෙන
පුංචි ඇහේ කඳුලැල්ලෙන් බැලුම් හෙලනවා
සිලිං බිලිං…..
මද්දහනේ හිරු දෙවියෝ කැඩපතකින් ඔරවනවා
බලා උන්න පුංචි ඇහේ කඳුලැල් නැගුණා
අල්ලන්නට ආස ඇති කඳුලු වලට දෙන්නෙ නැති
බෝනික්කෝ කඳුලැල්ලෙන් බොදවී මැකුනා
සිලිං බිලිං…..
silin bilin-Neela Wickramasinghe Nila
More from elon
ගී පද පේළි දියුණු කරන්න උදව් වෙන්න
ඔබට දැනෙන දේ WhatsApp පණිවිඩයක් දාන්න. ඒ සදහා පහල click කරන්න
අපගේ online රේඩියෝ එක අහන්න – Click Here
Join Our WhatsApp Group
Stay connected with your favorite artists and favorite music .
Advertisement
GeeMansala 2023
Comment