Lyrics
එකම වීදියේ දෙතුන් වතාවක්
එහා මෙහා අපි ඇවිද ඇතී
බිමට නැමුණු මල් අතු ඉති අතරේ
අපේ කතාවන් රැඳී ඇතී
සුදු හසඟන සේ හසරැල් ඉහලා
හඳ පායන සේ හද ගිනි නිවලා
ඔබ මා සුරතේ දසැඟිලි පටලා
දොඩමලු වීලා මට ඉඟි කරලා
හැන්දෑ යාමේ මා අතහැරලා
යන්නී ඔබ ඔබෙ කුටියට පෙරලා
කවුළුව අතරින් හසරැලි එලලා
මම යමි මගේ හිත ඔබ ළඟ තියලා
තනි යහනේ මා කෙසේ සිතන්නේ
මා හිත ඔබ ළඟ නොවෙද තියෙන්නේ
ඔබට හිතෙන දේ සිතට කියාදී
හෙට එන විට යලි රැගෙන වරෙන්නේ
එකම වීදියේ දෙතුන් වතාවක්…..
Ekama veediye vidiye widiye weediye -Priya Suriyasena sooriyasena
More from elon
Similar
ගී පද පේළි දියුණු කරන්න උදව් වෙන්න
ඔබට දැනෙන දේ WhatsApp පණිවිඩයක් දාන්න. ඒ සදහා පහල click කරන්න
අපගේ online රේඩියෝ එක අහන්න – Click Here
Join Our WhatsApp Group
Stay connected with your favorite artists and favorite music .
Advertisement
GeeMansala 2023
Comment