Lyrics
සීගිරි ගීයක් ඔබේ හදවතේ
ලියන්න දෙනවාද
සඳකඩ පහණක් ඔබේ හදවතේ
නෙලන්න දෙනවාද
රන්මසු උයනක් ඔබේ හදවතේ
තනන්න දෙනවාද
මියෙන තුරා මට ඔබේ හදවතේ
රැදෙන්න දෙනවාද
සුළං රැලක් සේ ඒ පාවි ආවත්
සුළං රැලක් සේ ආපසු යන්නට බෑ
සුසුම් පොදක් වී රහසේ වැදුනත්
තවත් ඉතින් මට රහසෙ ඉන්නට බෑ
තවත් ඉතින් මට රහසෙ ඉන්නට බෑ
සීගිරි ගීයක්…..
ජීවිතයේ නව සුවඳ සදා දෙන සැමදා
ඔබවන් සුවඳක් කිසිමල් උයනක නෑ
මේ දිගු ගමනේ විඩා නිවා සිත නිවනා
ඔබවන් සිසිලක් හිමගත අරණක නෑ
ඔබවන් සිසිලක් හිමගත අරණක නෑ
සීගිරි ගීයක්…..
Sigiri geeyak giyak -Nirosha Virajini wirajini
More from elon
ගී පද පේළි දියුණු කරන්න උදව් වෙන්න
ඔබට දැනෙන දේ WhatsApp පණිවිඩයක් දාන්න. ඒ සදහා පහල click කරන්න
අපගේ online රේඩියෝ එක අහන්න – Click Here
Join Our WhatsApp Group
Stay connected with your favorite artists and favorite music .
Advertisement
GeeMansala 2023
Comment