ලඳේ මුලාවී ගියානම්

Lyrics

ලඳේ මුලා වී ගියානම්
එපා ඔයාගේ සිනාවන්
මිරිඟුව දැක මුවෙක් වගේ
දිය සොයමින් කතර දිගේ
ගිහින් මොකෝ පරාද වී දැන් //
ලඳේ මුලා වී ගියානම්

මැණිකෙ අගය කණා දන්නෙ නෑ
නමුත් අගය බාල වෙන්නෙ නෑ
පළුඳු බඳුන ඕන වෙන්නෙ නෑ
වැරදුනාම හරි කිව්වේ නෑ //

ලඳේ මුලා වී ගියානම්…..

පරවුනාම මලේ සුවඳ නෑ
බොර උනාම ජලේ පැහැය නෑ
බිඳුණු පෙමක නැවුම් රසය නෑ
හැරගියාට මා තනි වුන්නෑ //

ලඳේ මුලා වී ගියානම්…..//

Lade lande mula wee giyanam- Rookantha Gunathilake Rukantha

More from elon

Featured on

Comment

Your email address will not be published. Required fields are marked *

Enable Notifications OK No thanks