Uncle ජොන්සන්

Lyrics

බැදලා 25 අවුරුදු ජුබිලිය අංකල් ජොන්සන් ගේ
ගන්නා රෝයල් පාටිය අපටත් දන්වා එව්වා බොලේ
සොමියක් ගන්නට නියම චාන්ස් එක
අතහරින්නටත් බැරි හින්දා
මේ අපි ඩබලම ආවෙත් මෙතනට ආශික් ඔක්කොම ඇති හින්දා

හලෝ වෙල්කම් කිය කිය ජොන්සන් දෙනවා අතට අත
ගෙස්ට්ලා ගෙනාපු තෑගි පාර්සල් වලටයි වයිෆ් හිත
පුදුමෙන් පුදුමයි දැක්කම ආසයි, පාටිය ග්‍රෑන්ඩ් ලෙවල්
ලොකු පොඩි පොරවල් ඔක්කොම ඇවිල්ලා නෑ කිසි අබල් බබල්

අංකල් ජොන්සන් ජොන්සන් අංකල්
මේක ජොන්සන්ගේ රිදී ජුබිලිය

අංකල් ජොන්සන් ජොන්සන් අංකල්
මේක ජොන්සන්ගේ ජුබිලි පාටිය

අංකල් ජොන්සන් ජොන්සන් අංකල්
මේක ජොන්සන්ගේ ජුබිලි පාටිය

කාරිය කරවන ආරියරත්නලා අද මෙහි රැස් වෙන්නේ
ආචාර්‍යවරු මහාචාර්‍යවරු ප්‍රබුද්දයනුත් ඉන්නේ
සැමුවෙන් ඇනස්ලි බර්ටි මර්සි ආරි දර්මශ්‍රී
හරි ආතල් එක දාගෙන ඩ්‍රින්ක් එක කාටත් හොඳ ප්‍රීතී
සැන්ඩ්‍රායි රෝසි ලොරිනුයි ජීනුයි ලාමක කිචිබිචියක්
එතකොට රැන් ලැම්බට්ලා පොලිටික් ඇඳගෙන මුල්ලක දේශනයක්

අංකල් ජොන්සන් ජොන්සන් අංකල්
මේක ජොන්සන්ගේ රිදී ජුබිලිය

අංකල් ජොන්සන් ජොන්සන් අංකල්
මේක ජොන්සන්ගේ ජුබිලි පාටිය

අංකල් ජොන්සන් ජොන්සන් අංකල්
මේක ජොන්සන්ගේ ජුබිලි පාටිය

විස්කි ද බ්‍රැන්ඩි ද ටින් ඇන්ඩ් ටොනික්
චියස් කරලා ගන්නේ
දැන් ඩබල් ට්‍රිපල් වී ට්‍රිප්ලෙ ෆොබල් වී
වැඩේ නැගලා යන්නේ දැන් තිත්ත රස වෙලා
සද්දේ එලිවෙලා පට්ටං ගැලවෙන්නේ
අනේ හොදට පදං වී විශාරදයොත් අද බයිලා නටා ඔය එන්නේ
සුලඟ හමා යන සොඳුරු රාත්‍රියේ
මළකෙලියකි වෙන්නේ
උන් ලයිට් නිවාගෙන තදට බදාගෙන
ෆුල් සොමියේ ඉන්නේ
ඩාන්සින් ෆ්ලෝ එක කට්ට කරුවලයි
මොනාද මේ වෙන්නේ
අයියෝ සද්ද බද්ද නෑ වෙලේ කඩේ සයිමන්
වැඩේට එන්ටර් නේ

අංකල් ජොන්සන් ජොන්සන් අංකල්
මේක ජොන්සන්ගේ රිදී ජුබිලිය

අංකල් ජොන්සන් ජොන්සන් අංකල්
මේක ජොන්සන්ගේ ජුබිලි පාටිය

අංකල් ජොන්සන් ජොන්සන් අංකල්
මේක ජොන්සන්ගේ ජුබිලි පාටිය

එව්‍රිබොඩී කම් ෆෝ ඩිනර් කියලා කවුද ලයිට් දැම්මා
ජොන්සගේ වයිෆ්ව මෙන්න බදාගෙන
වෙලේ කඩේ සයිමා
අයිල් කිල් යු කියාගෙන ඔන්න ජොන්සා පැන්නා
කිසි හෙවිල්ලක් බැලිල්ලක් නෑ
පැන්න ගමන් සයිමගේ හොම්බටම ඇන්නා
අනේ දඩිබිඩි ගාගෙන අඩිපුඩි දාගෙන
යනවා ගුටි කෙලියක්
බලන් ඉන්න බෑ නවතින්නෙත් නෑ පොලිසියට අපි
දුන්නා කෝල් එකක්
අම්මපා ගෝරි බෝරි මැද බෑන්ඩ් එක ගහනවා තාමත්
රම්පිට රම් පම් පම් අනේ අන්කල් ජොන්සගේ රිදී ජුබිලියේ
පාටිය සුනේ සුන්

අංකල් ජොන්සන් ජොන්සන් අංකල් ගෝරි මැද්දේ දැන් කැරොල් පාටිය

අංකල් ජොන්සන් ජොන්සන් අංකල් මේක ජොන්සන්ගේ ජුබිලි ගෝරිය

අංකල් ජොන්සන් ජොන්සන් අංකල් මේක ජොන්සන්ගේ ජුබිලි ගෝරිය

අංකල් ජොන්සන් ජොන්සන් අංකල් කෑවා කෑවා සයිමා ජිබුලි පාටිය

අංකල් ජොන්සන් ජොන්සන් අංකල් අනේ හබක් උනා රිදී ජුබිලිය

අංකල් ජොන්සන් ජොන්සන් අංකල් සුනේ සුන් නේ මේ ජුබිලි පාටිය

uncle jhonson jonson -Gypsies

More from elon

Featured on

Enable Notifications OK No thanks