සිහින සිත්තරාවී

Lyrics

සිහින සිත්තරාවී ඇස් බිම බලා සිනාසී
සබකෝලකම් කරාවී හිත ආදරෙන් පිරේවී
මට නුහුරු ඉඟි කරාවී උන්මාදකම් ගෙනේවී
රතු කම්මුලත් ශ්‍රියාවී සිප ගන්නමයි හිතේවී
සිහින සිත්තරාවී ඇස් බිම බලා සිනාසී
සබකෝලකම් කරාවී හිත ආදරෙන් පිරේවී

මද සිහිලසක් වගේ මා නිවාලමින් සැනසුමක් ගෙනේවී
මුලු ජීවිතේ පුරා අරමුණක් තියා හීනයක් තනාවී
මුදු සීත නිල් දියට තබර මල වගේ ලෙන්ගතුයි කියාවී
ඔබ දීපු ආදරේ මහ මෙරක් තරම් මගේ හිතේ දරාවී
ආදරේ දැනේවී

සිහින සිත්තරාවී…..

සඳපාන පීරමින් පිපෙන කුමුදු මල් නුබ වෙතැයි සුගන්දේ
තරු අහුරු අම්බරේ මවන රූ රටා නුබ නිසයි සිනාසී
දුර දුවපු හිත අරන් ළඟට ලං කරන් ආදරෙන් තවාවී
මට නුබ තරම් තවත් නෑ සිතුම් පෙලක් හදවතේ ගැහේවී
ආදරේ දැනේවී

සිහින සිත්තරාවී…..

Sihina siththaravi siththarawi -Roshan Fernando

More from elon

Enable Notifications OK No thanks