සඳ වැනි මගේ පුංචි බබෝ

Lyrics

සඳ වැනි මගේ පුංචි බබෝ හිනැහෙන්නකෝ රත්තරන් බබෝ
අම්මාගේ තුරුලේ හිදන් නිදියන්නකෝ රත්තරන් බබෝ
දෙවියන් මට දුන්න බබෝ පන වාගේ රත්තරන් බබෝ
අම්මාගේ තුරුලේ හිදන්  නිදියන්නකෝ හොඳ පුංචි බබෝ

හඳහාමී රන් තැටියෙන් කිරිපැණි ගෙනවිල්ලා
බබුට කවන්නට  දොරකඩ හිදීබලා
වළාකුලෙන් රන්තොටිලි සදාලා
සුරංගනාවන්  අරන් ඇවිල්ලා
බබුට ආදරේ කීවා නොහඬා නිදියන් කීවා

සඳ වැනි මගේ පුංචි බබෝ…..

ඈත ඉමේ සමනලයින් පියඹා ඇවිදිල්ලා
බබුට නිදන්නට පවන් සලයි රන්තටු විදහා
කිරි සුවඳින් මුළු ලොව නහවාලා
අපේ කැදැල්ලේ සඳ හිනැහෙනවා සතුට අරන් ඔබ ආවා අපේ ලොවේ රජ වූවා

සඳ වැනි මගේ පුංචි බබෝ…..

Sanda sada wani mage punchi babo- Roshan Fernando

More from elon

Enable Notifications OK No thanks