Lyrics
මගේ ලොවට ඔබ වඩින තුරා
වඩින තුරා
තරුවක් වාගේ හෙටත් නොපායන
මගේ යොවුන් හද ප්‍රාර්ථනා
අදත් එදා මෙන් බලා හිඳී
මගේ ලොවට ඔබ වඩින තුරා
වඩින තුරා
බලා හිඳිමි පෙර මඟ නෙතු දල්වා
ආදරයේ මුතු පියවිලි අතුරා
කවදා හෝ එක් අරුණු උදාවක
මගේ ලොවට ඔබ වඩින තුරා
වඩින තුරා
බලා හිඳිමි කඳුළින් නෙතු පොඟවා
ආදරයේ රන් කවුළු පියන් හැර
වසන්තයේ පණිවුඩය සිතින් ගෙන
මගේ ලොවට ඔබ වඩින තුරා
වඩින තුරා
මගේ ලොවට ඔබ වඩින තුරා
වඩින තුරා ………///
Mage lowata lovata oba – Neela Wickramasinghe
More from elon
ගී පද පේළි දියුණු කරන්න උදව් වෙන්න
ඔබට දැනෙන දේ WhatsApp පණිවිඩයක් දාන්න. ඒ සදහා පහල click කරන්න
අපගේ online රේඩියෝ එක අහන්න – Click Here
Join Our WhatsApp Group
Stay connected with your favorite artists and favorite music .
Advertisement
GeeMansala 2023
Comment