Ai Kale Adare

ඇයි කලේ ආදරේ

Lyrics

නෙත් නුඹේ
හමුවූ තෙරේ
හිමි වේවිදෝ
විමසූ වරේ
ආදරයක් දැනුනා ඔබ මා අතරේ
කඳුලක් නොදී උදේ හවා
ඔපවත් කලේ ඔබමයි මෙමා
හද පතුලේ ඇරයුම්
මා වෙත එව්වා..
කවුදෝ මා නුඹගේ
කියා දෙන්න නොහැඟේ
ඇයි? ඇයි කලේ ආදරේ
නෑ කිසිවක් නොහැඟේ
මින් මතුදා මා ඔබගේ
ඇයි? ඇයි කලේ ආදරේ
මේ නැවතුම සසරේ
ඔබ පමණයි මා සොඳුරේ

නිමක් නොවේ, හැඟුමන් පිරේ
අපෙ ආදරේ, වරින් වරේ
දිවි ඇති තෙක් නුඹමයි
මා හඳ ගැඹුරේ
දහසක් දෙනා නුඹගේ දිහා
බැලුවත් සදා මගෙමයි ඔයා
අද නුඹගේ දෙනුවන් මා හට කීවා..

කවුදෝ මා නුඹගේ
කියා දෙන්න නොහැඟේ
ඇයි? ඇයි කලේ ආදරේ
නෑ කිසිවක් නොහැඟේ
මින් මතුදා මා ඔබගේ
ඇයි? ඇයි කලේ ආදරේ
මේ නැවතුම සසරේ
ඔබ පමණයි මා සොඳුරේ

කියා දෙන්න නොහැඟේ
ඇයි? ඇයි කලේ ආදරේ
නෑ කිසිවක් නොහැඟේ
මින් මතුදා මා ඔබගේ
ඇයි? ඇයි කලේ ආදරේ
මේ නැවතුම සසරේ
ඔබ පමණයි මා සොඳුරේ

Ai ayi Kale Adare – Bathiya & Santhush bns

More from elon

Comment

Your email address will not be published. Required fields are marked *

Enable Notifications OK No thanks