පියලී කැඩීලා වැටුනා

Lyrics

පියලී කැඩීලා වැටුනා නෑඹුල් සමන් මලේ
බැඳි කූඩුව කැඩී ගියා වැදී සුළං සැරේ
වැදී සුළං සැරේ //

ආකාසෙ පිරී මේඝ හැපී අන්න විදුලියක්
වැදුනා හෙන සැරයක්
ප්‍රේමවන්තයන්ගෙන් මලාද කීදෙනෙක්
මලාද කීදෙනෙක්
ඔබ නේද ඇති කරන්නේ ඔබ නේද නැති කලේ
බැඳි කූඩුව කැඩී ගියා වැදී සුලං සැරේ
වැදී සුලං සැරේ

පෙම් මාලිගා තනාලා පෙම් සිහින රෑ මවා
පෙම් සිහින රෑ මවා
ප්‍රේමාභිෂේකයට පෙර පිස්සෙක් කලේ මෙසේ
ඔව් වරද කා අතේ
ඔබ නේද මේක දන්නේ ඔබමයිද මේ කලේ
පියලී කැඩීලා වැටුනා නෑඹුල් සමන් මලේ
නෑඹුල් සමන් මලේ

ඇයි දන්නෙ නැද්ද ප්‍රේමවියෝ ගින්නෙ ඇතිබලේ
එහි ඇති මහා බලේ
නිශ්චල මුත් බොහො වේගයි
අඳුරේ බොහෝම එළියයි //
ප්‍රේමහෘද මේ තමයි මුදා ගනියි මගේ
ඔබ නේද ඇති කලේ මෙය ඔබ නේද නැති කලේ
ඔබ නේද නැති කලේ

පියලී කැඩීලා වැටුනා…..

Piyali piyalee kadeela kadi watuna vatuna-Mohideen Baig

More from elon

Enable Notifications OK No thanks