Lyrics
හඳ පානක් සේ ඇවිදින් ගම්මානෙන් මේ නගරෙට
ගංගාවක් තරමට සිහිලස පිදුවයි නුඹ මා හට
නෙත් දාහක් පසු කර විත් මට හිමි දෙනුවන දුටු විට
හඳ පානක් වූයේ නුඹ නොවෙදෝ මා සිත් අහසට //
දූවිලි හුළඟින් පිරුණත් ඉපදුණු නගරේ
මට නුපුරුදු ගමට එන්න බෑ
මේ නගරය අත්හරින්න බෑ
මගෙ උරුමය ලදුවත් මා ලද ගම් පියසේ
මේ නගරයේ කූඩු වෙන්න බෑ
ගම්මානය අත්හරින්න බෑ
හඳ පානක් සේ ඇවිදින්…..
අප දෙන්නා මුණ ගැස්වූ මේ මහ නගරේ
අතැර නුඹට ගමට යන්න බෑ
මේ නගරය අත්හරින්න බෑ
මගේ සිතෙන් නුඹ සිතනා මතු යම් දවසේ
මේ නගරේ පාළු වෙන්නෙ නෑ
මං තනියෙන් ගමට යන්නෙ නෑ
හඳ පානක් සේ ඇවිදින්…..
hada panak se awidin-Athula Adikari
More from elon
ගී පද පේළි දියුණු කරන්න උදව් වෙන්න
ඔබට දැනෙන දේ WhatsApp පණිවිඩයක් දාන්න. ඒ සදහා පහල click කරන්න
අපගේ online රේඩියෝ එක අහන්න – Click Here
Join Our WhatsApp Group
Stay connected with your favorite artists and favorite music .
Advertisement
GeeMansala 2023
Comment