සඳු සාක්කි කියාපුදෙන්

Lyrics

සඳු සාක්කි කියාපුදෙන් (කියාපුදෙන්)
හිරු සහතික ලියාපුදෙන් (ලියාපු දෙන්)
සඳු සාක්කි කියාපුදෙන්
හිරු සහතික ලියාපුදෙන්
තරු දිවුරූ පොරොන්දු නාමෙන්
හිතුමතේට එහෙට මෙහෙට වැනෙන සිනාමල්
පැල් බැඳගෙන හිනාවෙන්න (හිනාවෙන්න)
මල් වයසට ගෙනත් දුන්න (ගෙනත් දුන්න)
සුවඳ සිනා මල්

චන්ඩිකමට රණ්ඩු කරන
බන්ඩි ගොයම කලබලයට //
සිතිවිලි වක්කඩ කැඩේවි හරි සෝදිසියෙන්
බාල කියුම් ලාභ ලියුම් මල් වයසට දපනෙදාවි
හිත පොඩිවී නාස්ති වෙයි හරි පරිස්සමෙන්
පැල් බැඳගෙන හිනාවෙන්න (හිනාවෙන්න)
මල් වයසට ගෙනත් දුන්න (ගෙනත් දුන්න) //
සුවඳ සිනා මල්

පුලුන් රොදක වෙස් අරගෙන
පිහාටුවක පැටලීගෙන
(පුලුන් රොදක වෙස් අරගෙන
පිහාටුවක පැටලීගෙන)
විරහ කඳුලු පාව ඒවි හරි සැහැල්ලුවෙන්
රම්‍ය රිදුම් සොඳුරු සුසුම්
මල් වයසට නීති දාවි
සිනා කුසුම බිම වැටේවි ඒ අවසරයෙන්
පැල් බැඳගෙන හිනාවෙන්න (හිනාවෙන්න)
මල් වයසට ගෙනත් දුන්න (ගෙනත් දුන්න) //
සුවඳ සිනා මල්

සඳු සාක්කි කියාපුදෙන්…..

Sandu sakki kiyapuden- Nirosha Virajini

More from elon

Enable Notifications OK No thanks