Sukumala Kumariye

සුකුමාල කුමරියේ

Lyrics

සුකුමාල කුමරියේ මනමාලකම් නොවේ
හැමදාමත් පුරුදු සෙනෙහසින්
මදහාසයෙන් බලා සිත ආලකම් කලා
සඳ පෑයු ලෙසින් අම්බරේ //

රෑ සීතලේ පිණි හා මීදුම් වළා ගෙනෙනා
සිහිලැල් සුළං පාවි පාවී
මල් මල් සිතුම් පැතුම් එක එක කඩා හැලේ
මල් මල් සිතුම් පැතුම් එක එක කඩා හැලේ
තනිවේ මා යළි
තනිවේ මා යළි

සුකුමාල කුමරියේ…

රෑනක් ලෙසින් තරු වැල් දෑසින් ගලයි කැළුමන්
ඈතට නොයා මාගේ ඇසුරේ
මොහොතක් රැදෙන්න දැන් හදවතට ඉඩ අරන්
මොහොතක් රැදෙන්න දැන් හදවතට ඉඩ අරන්
සිතන්න දැන් යළි
සිතන්න දැන් යළි

සුකුමාල කුමරියේ… //

Sukumala Kumariye – Chandana Liyanarachchi චන්දන ලියනාරච්චි

More from elon

Enable Notifications OK No thanks